Wednesday, September 28, 2011

සඳ සාවි මා.....


පෝස්ට් එකක් ලියන්න හිතුවත් ලියන්නම කම්මැලි කමක් දැනෙනවා. මොනවම හරි ලියන්න ඕනි නිසාම අද මම හිතුවා මගේ බ්ලොග් එකට මම නම දාන්න හේතු උන සිංදුව ඔයාලත් එක්ක බෙදා ගන්න.
සඳ සාවී.
මෙය රන්වල කණ්ඩායමෙන් ඇසුන ගීයක්. බඹර කපන්න ගිය තම ස්වාමියාට උන විපත දරා ගන් බැරිවූ බිරිඳකගේ ශෝකාලාපයයි මෙයින් කියවෙන්නේ. බඹර ගලෙන් වැටුන තම සැමියා ගැන මල්ලිගෙන් ඇය විමසන ආකාරය වසන්තා මධුරංගනී සිය මධුර ස්වරයෙන් පවසන ආකාරය හද කම්පා කරවන සුළුයි නේද?

සඳ සාවී මා...
සඳ මඩලේ පාළුවේ මෙදා...
බඹර ගලින් රූටාලා..
සඳ නිවුනිද කියපන් මයෙ මලයා.....
සඳ නිවුනිද කියපන් මයෙ මලයා.....


දෙමස්සිනාලා....
මල් පැණි බීවා දෝ....
බඹර කපන්ටා..බඹර කපන්ටා..
බමන මතින් කරණම් ගැසුවාදෝ..
තනිවූයේ මාවයි මගෙ මලයා...
තනිවූයේ මාවයි මගෙ මලයා...


සිත පෑරීලා...
බඹරුන් ඇන්නා දෝ...
අම්මා පල්ලා...අම්මා පල්ලා...
තනිවූයේ මාවයි මගෙ මලයා...
තනිවූයේ මාවයි මගෙ මලයා...

7 comments:

  1. ඇත්තම කියනවනම් මම ඔය සිංදුව කලින් අහල තිබුනට මේක රංවල බලකායෙ ගීතයක් කියල දැනගත්තෙ අද අක්කෙ.මං හිතුවෙ මේක කියන්නෙ නිරෝෂා විරාජනී කියල.

    ReplyDelete
  2. හරිම ශෝකාකූල ස්වරයකින් හිත පම්පා කරන ගීතයක් බවයි මගේ අදහස. මම කාලයක් ආසාවේන අහපු දැන් අමතක වෙලා තිබුනු ගීතයක් මතක් කර දුන්නාට ස්තුතියි.

    ReplyDelete
  3. @ සිහින
    කට හඬ පොඩි වෙනසක් තියනවා නේද මල්ලි. හොඳට අහල බලන්න. ඔයාටම වෙනස දැනෙයි. නමුත් අපි කෙනෙක් මේ සිංදුව කියනවා කියා උපකල්පනය කලොත් අපිට හිතෙන්නේම එයාම මේක කියනවා කියලයි.
    මල්ලිට ස්තූතියි මාව බලන්න ආවට.

    ReplyDelete
  4. @ රතී,
    බඹර කපන අයගේ ශෝකාන්තයක් නේද?. මේ සමානම සිංදුවක් තිස්ස දොඩංගොඩ අයියාගේ හදගීපොත බ්ලොග් එකේ තිබුනා. අයියා කියලා තිබුනා බඹර කපන්න යන්නේ දෙමස්සිනෝ කියලත්. හැකිනම් එයත් කියවා බලන්න. ඔබටත් ස්තූතියි මෙහි ඇවිත් සටහනක් තබා ගියාට.

    ReplyDelete
  5. මේක ලස්සන සිංදුවක්... ගැලපෙන තනුවක් දාලා තියෙන්නේ... රංවල මහත්තයා මියයන්න කලින් කරාපු අවසාන ගී ගොන්නේ තිබූ ගීයක් මයේ හිතේ...
    ස්තූතියි ආයේ මතක් කලාට සඳමාලී..

    ReplyDelete
  6. @ තිස්ස අයියා.
    ගොඩක් ස්තූතියි අයියේ සඳසාවි බලන්න ආවට. අයියා වගේ සිංදුවලට කලාවට ආදරේ කරන කෙනෙක්ගෙන් කමෙන්ට් එකක් ලැබෙන එකත් මට හරිම සතුටක්.

    ReplyDelete
  7. මගෙත් ආසම සින්දුවක් තමා මේ ගීතය...

    ReplyDelete