Wednesday, September 28, 2011

සඳ සාවි මා.....


පෝස්ට් එකක් ලියන්න හිතුවත් ලියන්නම කම්මැලි කමක් දැනෙනවා. මොනවම හරි ලියන්න ඕනි නිසාම අද මම හිතුවා මගේ බ්ලොග් එකට මම නම දාන්න හේතු උන සිංදුව ඔයාලත් එක්ක බෙදා ගන්න.
සඳ සාවී.
මෙය රන්වල කණ්ඩායමෙන් ඇසුන ගීයක්. බඹර කපන්න ගිය තම ස්වාමියාට උන විපත දරා ගන් බැරිවූ බිරිඳකගේ ශෝකාලාපයයි මෙයින් කියවෙන්නේ. බඹර ගලෙන් වැටුන තම සැමියා ගැන මල්ලිගෙන් ඇය විමසන ආකාරය වසන්තා මධුරංගනී සිය මධුර ස්වරයෙන් පවසන ආකාරය හද කම්පා කරවන සුළුයි නේද?

සඳ සාවී මා...
සඳ මඩලේ පාළුවේ මෙදා...
බඹර ගලින් රූටාලා..
සඳ නිවුනිද කියපන් මයෙ මලයා.....
සඳ නිවුනිද කියපන් මයෙ මලයා.....


දෙමස්සිනාලා....
මල් පැණි බීවා දෝ....
බඹර කපන්ටා..බඹර කපන්ටා..
බමන මතින් කරණම් ගැසුවාදෝ..
තනිවූයේ මාවයි මගෙ මලයා...
තනිවූයේ මාවයි මගෙ මලයා...


සිත පෑරීලා...
බඹරුන් ඇන්නා දෝ...
අම්මා පල්ලා...අම්මා පල්ලා...
තනිවූයේ මාවයි මගෙ මලයා...
තනිවූයේ මාවයි මගෙ මලයා...

Sunday, September 18, 2011

සමුගන්නම්......

ජීවිතේ දිගු ගමනේ....
මංසලක හමුවෙලා....
ඒ දෙඩූ මුදු වදන්...
අතීතෙට මුසු වෙලා...
එකම මග යන්න ආ
නමුත් යලිදු මා තනිවෙලා...
අවසරයි සමුගන්න....
ඔබ සිතින් වෙන් වෙලා......

Monday, June 20, 2011

මදහස


කඳුලක්ද ඔබ මට...
නෙත් දසුන් බොඳ කරන...
සිනහවක් වෙනු මැන....
මුව නලවා ඇදෙන....
මදහසක් ලෙසින් ඔබ...
පිනවන වට දෙතොල...
විඳමුද සිසිලසක්...
දවන දුප්පත් හිතට....

Sunday, May 8, 2011

පුංචි පවුල රත්තරන්ද?

මම පළමු පොස්ට් එක දාන්න දෙයක් නැතිව ඉන්න වෙලාවේ තමා මාරයා අයියගේ කවි මඩුවට එකතු උනේ. එදින මම කවි ලියන්න පුරුදු නැතිව උනත් අනික් අය කියන විට මමත් කිවි ලීවා. දන්නෙම නැතිව කවි ලියවිලා. පුංචිපවුල රත්තරන්ද නැද්ද? අනේ මම දන්නෙත් නෑ කවි කියන්න ගියාට. ඒත් ඒවියින් කීපයක් මම අද දාන්නම්. හැබැයි මේවා මම පිළිතුරු විධියට ලියූ ඒවා නිසා ඇසූ ප්‍රශ්න නම් මම දාල නෑ. නොලැලපෙන්වා වගේද? එකිනෙක. ඔයාල කියන්න බලන්න අදහස්..

කීවත් පුංචි පවුල රත්තරන් යැයි කියලා...
තේරෙයි වයසට ගිය දා ලෙඩ හැදිලා...
යනවිට එකා යකාවී නොසලකලා..
ඉන්නේ කෙසේදෝ තනිවී ඉවසාලා...

ජාතිය අපේ දවසින් දවස අඩුවෙනවා...
සිංහලයා ලෝකෙන් වඳවී යනවා..
පුංචි පවුල රත්තරන්ලු පවසනවා..
මෙහෙමගියොත් මුලු රටටම කෙලවෙනවා...

ඉස්කූල් පීස් ගැන ඇයි දුක්වෙන්නේ..
මහන්සියේ තරමට ප්‍රති පල එන්නේ...
දරුවන්ගේ දියුණුව දැන් දිස් වන්නේ..
එකෙක් නැතත් අනෙකා සැනසුම දෙන්නේ..

අම්මා ලෙඩිනි රෝහලකයි ඉන්නේ...
තාත්තා නෑ බත් උයනට දන්නේ..
පුතුන් දෙදෙනාය මව බලනට යන්නේ...
දුව ගෙයි ඉඳන් පියාට බත් උයා දෙන්නේ...

නංගිට පන්ති එනවිට දැන් රෑ වෙනවා...
තාත්තට ඔෆිස් වැඩ ගෙයි අමතක වෙනවා...
අම්මා ගෙදර විත් බත් උයනට යනවා...
අයියා නංගිගේ තනියට පස්සෙන් යනවා...

එකා හදල හැම සැපයම දෙනවා...
කියනා කියනා හැමදේ දෙනවා..
අන්තිමේදි කම්මැලියෙක් බිහිවෙනවා..
මව් පියො නැති දාට තනිවී අසරණ වෙනවා..

සැමදින සවස අපි ගෙයි රැස් වෙන්නේ...
දරුවන්ගේ සිනාවයි ගෙයි පැතිරෙන්නේ...
දරුවන් වටේ මැද අපි දෙන්නයි ඉන්නේ...
අප්පච්චියි මමයි අද මෙහි රජ වෙන්නේ..

Friday, May 6, 2011

ඇරඹුම...

ඔන්න ඉතින් වැඩි විස්තර කියන්න ඕන නෑ. මමත් ඔයාල වගේම මිනිස් පවුලේ සාමාජිකාවක් තමා. මමත් හිතුවා මගේම කියා බ්ලොග් එකක් ලියන්න. මට මේක පටන් ගන්න ඔයාල හැම දෙනාගෙන්ම ලොකු තල්ලුවක් ලැබුනා. හැබැයි ඉතින් මම ලියන දේ හොඳද නරකද කියා තිරණය කරන්න ඕන නම් ඔයාලම තමා. එහෙමනම් මගේ සටහන් කියවා හොඳ නරකත් කියලම යන්න හොඳේ.